
දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාට හිමි වෙයි. එතුමාගේ මුලිකත්ත්වයෙන් හා කිංචිගුණේ ගම්මුලාදැණීවරයා වු පොල්වත්තේ රාළහාමි ඇතුළු ප්‍රදේශවාසි දානපති ප්‍රභුන් පිරිසකගේ දායකත්වයෙක් 1950 අගෝස්තු මස 11වන දින මෙම විදුහලේ ගොඩනැගිල්ලට සුභ මොහොතින් මුල්ගල තබන ලදී. වර්ෂයක් වැනි කෙටි කලකදී ගොඩනැගිල්ලේ හා ගුරු නිවාසයේ වැඩ අවසන් වුයෙන් 1951 සැප්තැම්බර් 04 වන දින එවකට පැවති රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථීර ලේකමිතුමා විසින් පාසැල විවෘත කරන ලදී. පාසැලේ නිල නාමය වුයේ හ/මැදමුලන ප්‍රාථමික විද්‍යාලය යන්නයි.
ආරම්භක විදුහල්පති ලෙස ශ්‍රීමත් ජයවර්ධන මහතා වැඩ භාරගත් අතර එදිනම සිසුන් 106 දෙනෙකු ප්‍රාථමික අධ්‍යාපනය සඳහා බදවා ගැනිණි.






