හා/ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

Slide
Slide

මැදමුලන හ/ඩී. ඒ. රාජපක්ෂ මහ විදුහල වසර 68 ක කාලයේ පුරා අඛණ්ඩව විකාශනය වෙමින් පවති. සිසුන් 106 දෙනෙකුගෙන් ඇරඹි මෙම විදුහල අද වන විට සිසුන් දහසකගෙන් පමණ හා 50 ක් තරම් වු ගුරුමණ්ඩලයකින් සමන්විත වෙයි. ප්‍රාථමික විදුහලක් ලෙසින් එක් ගොඩනැගිල්ලකින් යුක්තව ආරම්භ කළ මෙම විදුහල අඩ සියවසක් ඉක්මයද්දි ගොඩනැගිලි සංකීර්ණයකින් හා කලා වාණිජ විද්‍යා ගණිතය අංශ හතරෙන්ම උසස් පෙළ පන්ති පැවැත්වෙන මහ විදුහලක් බවට පත්ව ඇත.

වර්තමාන හ/ඩී. ඒ. රාජපක්ෂ මහ විදුහල ආරම්භ කිරීමේ ගෞරවය බෙලිඅත්ත හිටපු පාර්ලි‍මේන්තු මන්ත්‍රි, නියෝජ්‍ය කථානායක, හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දයාබර පියාණන් වු ගරු දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාට හිමි වෙයි. එතුමාගේ මුලිකත්ත්වයෙන් හා කිංචිගුණේ ගම්මුලාදැණීවරයා වු පොල්වත්තේ රාළහාමි ඇතුළු ප්‍රදේශවාසි දානපති ප්‍රභුන් පිරිසකගේ දායකත්වයෙක් 1950 අගෝස්තු මස 11වන දින මෙම විදුහලේ ගොඩනැගිල්ලට සුභ මොහොතින් මුල්ගල තබන ලදී. වර්ෂයක් වැනි කෙටි කලකදී ගොඩනැගිල්ලේ හා ගුරු නිවාසයේ වැඩ අවසන් වුයෙන් 1951 සැප්තැම්බර් 04 වන දින එවකට පැවති රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථීර ලේකමිතුමා විසින් පාසැල විවෘත කරන ලදී. පාසැලේ නිල නාමය වුයේ හ/මැදමුලන ප්‍රාථමික විද්‍යාලය යන්නයි.

ආරම්භක විදුහල්පති ලෙස ශ්‍රීමත් ජයවර්ධන මහතා වැඩ භාරගත් අතර එදිනම සිසුන් 106 දෙනෙකු ප්‍රාථමික අධ්‍යාපනය සඳහා බදවා ගැනිණි. පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා පන්ති පහක් ආරම්භ වු අතර විදුහල්පතිතුමා හා උපගුරු ගුරුභවතුන් දෙදෙනකු ඉතගැන්විම් කටයුතු සිදුකරන ලදී. මාස කිහිපයකින් තවත් ගුරුභවතුන් තිදෙනෙකු සේවයට අනුයුක්ත කිරීමෙන් ගුරුමණ්ඩලය සම්පුර්ණ කෙරිණි.

ඊළඟ වර්ෂයේදී 06 ශ්‍රේණිය ද ඉන්පසු 07 ශ්‍රේණිය ද වශයෙන් මෙම විදුහල සංවර්ධනය වෙමින් 1979 දී මහා  විද්‍යාලයක තත්වයට උසස් විය. එම කාලය තුල විශාල වශයෙන් ගොඩනැගිලි ඉදි වු අතර අනෙකුත් භෞතික සම්පත්ද ඊට සමගාමි දියුණු විය. ශිෂ්‍යය සංඛ්‍යාව දහසකට ආසන්න වු අතර සෑම ශ්‍රේණියක්ම සමාන්තර පන්ති දෙකකින් යුක්තවේ.

1979 දී විදුහලට නව ගොඩනැගිලි දෙකක් හා විදුලි බලය ලබාදීමේ ගෞරවය එවකට මුල්ගිරිගල පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. ඩි. ප්‍රැන්සිස්කු මැතිතුමාට හිමිවෙයි. එතුමාගේ ආරාධනයෙන් එවකට අධිකරණ හා උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරු නිශ්ශංක විජේරත්න මැතිතුමා ගොඩනැගිලි හා විදුලි බලය විවෘත කල අතර එදිනම විදුහල මහා විද්‍යාල තත්වයට උසස් කරන ලදී.

විද්‍යාලය ආරම්භ කිරීමේදී පුරෝගාමි ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාට ගෞරව පිණිස එතුමාගේ අභාවයෙන් පසු 1996 නොවැම්බර් 02 දින හ/ඩී. ඒ. රාජපක්ෂ මහ විදුහල යනුවෙන් පළාත් ව්‍යුහ කමිටුවේදී අනුමත වී ඇත.

මහල් දෙකකින් යුත් පාසැල් ගොඩනැගිල්ලක් හිටපු මුල්ගරිගල පාර්ලිfමින්තු මන්ත්‍රී නිරුපමා රාජපක්ෂ මැතිණිය විසින් ලබාදුන් අතර, අංග සම්පුර්ණ නව  ශ්‍රවණාගාරයක් එවකට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ලබා දෙන ලදී.

ආරම්භක විදුහල්පති එස්. ජයවර්ධන මහතාගෙන් පසු එන්.ඒ. පියසේන මහතා විදුහල්පති ලෙස පත්වු අතර පිළිවෙලින් ඩී. එස්. දිසානායක මහතා, එම්. කුරුගම මහතා කේ. කේ. ජි. ජයසේන මහතා සහ ඒ. වී. පි. කේ. පණ්ඩිතසේකර මහත්මිය, කේ. ඒ. සිරිසේන මහතා, කේ. පි. ජයන්ත මහතා, ආර්. රෙජී මහතා, ආර්. ඩී. වසන්ත කුමාර  මහතා විදුහල්පති තනතුරේ සේවය කර ඇත.

වර්තමාන විදුහල්පති ඒ චමින්ද චින්තක මහතා වන්නේ ය. එතුමා මෙම විද්‍යාලයේ විදුහල්පති තනතුර හොබවන 19 වැන්නාද වෙයි. වර්තමානයේ ශිෂ්‍යය සංඛ්‍යාව දහසකට ආසන්න වන අතර 6-9 ශ්‍රේණි සමාන්තර පන්ති හතරකින් ද 10-11 ශ්‍රේණි සමාන්තර පන්ති හතරකින් න් ද යුක්තවේ. මෙතුමාගේ කාලයේ සිදු වූ විශේෂම සිදු වීම වන්නේ ද්වීභාෂා මාධ්‍ය පන්ති 6 ශ්‍රේණියෙන් ආරම්භ වීමයි.