නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
E.B. ඥානරත්න මයා
මැදමුලන හ/ඩී. ඒ. රාජපක්ෂ මහ විදුහල වසර 68 ක කාලයේ පුරා අඛණ්ඩව විකාශනය වෙමින් පවති. සිසුන් 106 දෙනෙකුගෙන් ඇරඹි මෙම විදුහල අද වන විට සිසුන් දහසකගෙන් පමණ හා 50 ක් තරම් වු ගුරුමණ්ඩලයකින් සමන්විත වෙයි. ප්‍රාථමික විදුහලක් ලෙසින් එක් ගොඩනැගිල්ලකින් යුක්තව ආරම්භ කළ මෙම විදුහල අඩ සියවසක් ඉක්මයද්දි ගොඩනැගිලි සංකීර්ණයකින් හා කලා වාණිජ විද්‍යා ගණිතය අංශ හතරෙන්ම උසස් පෙළ පන්ති පැවැත්වෙන මහ විදුහලක් බවට පත්ව ඇත.විද්‍යා , කලා , වාණිජ යන සාම්ප්‍රදායික විෂය කෙෂ්ත්‍ර ක්‍රියාත්මක වු ශ්‍රි ලංකාවට තාක්ෂණික විෂය කේෂ්ත්‍රය දිීර්ඝ කාලීන අවශ්‍යතාවයකි. මෙම විෂය කේෂ්ත්‍රය ද ඇරඹීමේ පහසුකම් අප විද්‍යාලය සතු වීම විදුහල ලැබු තවත් සුවිශේෂ ජයග්‍රහණයකි. මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය 2013 වර්ෂයේ ක්‍රියාත්මක වීමත් සමග විද්‍යාලයේ තාක්ෂණික අධ්‍යාපන කේෂ්ත්‍රය ද දියුණු වනු නොඅනුමානය. මෙමගින් රටේ අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් ද සිදුවේ. නව අධ්‍යාපන ක්‍රියාවලිය නිසා රටේ අනාගතය සපුරන තාක්ෂණික දැනුමෙන් පිරි හෙට ලොව දිනන විනය ගරුක පරපුරක් බිහිවනු දැකීම මගේ ඒකායන ප්‍රාර්ථනයයි.
E.B. ඥානරත්න මයා
නියෝජ්‍ය විදුහල්පති
හා/ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලය.






